ලක්ෂ 75 කොල්ලයේ ව්‍යාපාරිකයා මියයයි.

Friday, 07 June 2013 - 13:11

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+75+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ඒකල ප්‍රදේශයේ පසුගියදා සිදුවූ රුපියල් ලක්ෂ 75 මුදල් කොල්ලකෑමේ සිද්ධියට මුහුණ පෑ ඇඟලූම් කර්මාන්තශාලාවක කළමනාකාර අධ්‍යක්ෂවරයා ඊයේ උදෑසන ඇති වූ හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා. හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව වූ තම දියණියගේ මංගල උත්සවය සඳහා බැංකුවකින් මුදල් රැගෙන මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදී වෑන් රථයකින් පැමිණි පුද්ගලයින් 5 දෙනෙකු මෙම කොල්ලකෑම සිදුකර තිබුණේ පසුගිය 28 වැනිදායි. කෙසේ වෙතත්, මෙතෙක් කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව තොරතුරක් ලැබී නොමැති බවයි පරීක්ෂණ පවත්වන ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories