ලක්ෂ 75හේ කොල්ලයට මුහුණ දුන් අධ්‍යක්ෂ මිය යයි.

Friday, 07 June 2013 - 18:34

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+75%E0%B7%84%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ඒකල දී පසුගියදා සිදුවූ රුපියල් ලක්ෂ 75 මුදල් කොල්ලයට මුහුණ පෑ ඇඟලූම් කර්මාන්තශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇති වූ හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්වුණා. අර්ලි ඬේවිඞ් නැමැති 56 හැවිරිදි මෙම කළමනාකාර අධ්‍යක්ෂවරයා මීගමුව - කදිරාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (06) රාත්‍රියේ මීගමුව දිසා රෝහලට ඇතුළත් කරන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ.

හෙට පැවැත්වීමට නියමිතව තිබූ තම දියණියගේ මංගල උත්සවය සඳහා බැංකුවකින් මුදල් රැගෙන මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදී වෑන් රථයකින් පැමිණි ආයුධ සන්නද්ධ පුද්ගලයින් 5 දෙනෙකු මෙම කොල්ලකෑම සිදුකළේ පසුගිය මැයි 28 වැනිදායි. එම කොල්ලය සිදුවූ ආකාරය  සම්බන්ධයෙන් එදින හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ එම ආයතනයේ මානව සම්පත් කළමනාකරු ඉන්දික ගමගේ.

[MP3]s60524[/MP3]                                                      

කොල්ලය සිදුවී අදට දින 10ක් ගත වී ඇතත්, කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. ජාඇල පොලීසිය සහ පෑලියගොඩ අපරාධ විමර්ශන කොට්ඨාශය එක්ව පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories