විසඳුම රාජපක්ෂ - සම්බන්ධන් ගිවිසුමක් නොවිය යුතුයි. - ජනපති.

Friday, 07 June 2013 - 18:50

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+-+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය සඳහා වන දේශපාලන විසඳුම රාජපක්ෂ - සම්බන්ධන් ගිවිසුමක් නොවිය යුතු බව ජනාධිපති මහින්ද රාපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ එම විසදුම වෙනත් රටකින් ආනයනය කළ හැකි එකක් නොවන බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ දිවයිනට පැමිණ සිටින ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ නියෝජිතයන් සමග අද (07) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදීයි.

උතුරේ මැතිවරණය නියත වශයෙන් මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පවත්වන බව ද ජනාධිපතිවරයා සදහන් කළා. මෙහිදී භාරතීය ජනතා පක්ෂ නියෝජිතයන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ සාමය සහ ඒකීයභාවය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම අනවශ්‍ය බවයි.  තමන් උතුරේ සත්‍ය ස්වභාවය අවබෝධ කර ගත් බව ද ඔවුන් සදහන් කළා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින්නේ හදවතින් බැඳුණු මිතුදමක් බවයි භාරතීය ජනතා පක්ෂයේ නියෝජිතයන් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර, මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (07) සිදුකෙරුණා. එහිදී අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ අසත්‍ය ප්‍රකාශ සිදුකරන ඇතැම් පුද්ගලයන් යතාර්ථය පිළිබද කථා කළ යුතු කාලය එළඹ ඇති බවයි.
 
[MP3]s60528[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories