ගස් කඩා වැටීමෙන් ගමනාගමනයට දැඩි බාධා.

Saturday, 08 June 2013 - 8:59

%E0%B6%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F.

අධික සුළං තත්ත්වය නිසා ගස් කඩා වැටීම් හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග රැසක ගමනාගමන කටයුතු අද (08) අලූයම අඩාල වුණා. මේ වන විට ඒවා යථා තත්ත්වයට පත් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. ඒ සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකය ද සහාය ලබාදී තිබෙනවා.

 

මේ අතර, ගාල්ල, උඩුගම, දෙල්ලව, නෙලූව ඇතුළු ප්‍රදේශ කිහිපයක ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග රැසක ගමනාගමන කටයුතුවලට ගස් කඩා වැටීම් හේතුවෙන් බාධා සිදුව තිබෙනවා.

 

ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබද හිරු ප්‍රවෘත්ති අංශය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එච්. කාරියවසම්ගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ නිරිතදිග මෝසම සක්‍රීය වීම මෙම අධික සුළං සහ වැසි තත්ත්වයට හේතු බවයි.

 
[MP3]s60540[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories