පෙරළුනු බෝට්ටුවක සිටි ධීවරයෙක් ගාලූ මුවදොරින් ගොඩබිමට.

Saturday, 08 June 2013 - 14:13

%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%96+%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7.

වැසි කුණාටු කාලගුණය මැද අඟුලාන මුහුදු තීරයේදී පෙරලූණු බෝට්ටුවක සිටි ධීවරයෙකු බැරලයක ආධාරයෙන් ගාලූ මුවදොර වෙරළට නිරුපද්‍රිතව ළඟාවී තිබෙනවා. අද අලූයම දෙකට පමණ තමන් මෙම අනතුරට මුහුණදුන් බවයි ගාලූ මුවදොර වෙරළ තීරයේදී ගොඩට ගැනුනු ජී.එම්. චන්ද්‍රසිරි අපෝන්සු නැමති මෙම ධීවරයා ප්‍රකාශ කර ඇත්තේ. තමන් ධීවර බෝට්ටු කිහිපයක්ම අනතුරට ලක්වුණු අයුරු දුටු බවත් ඔහු පවසා තිබෙනවා. එමෙන්ම ඔහු සමග බැරලයේ එල්ලී පැමිණි තවත් ධීවර සඟයෙකු ගාලූ මුවදොර වෙරළට මීටර 50 ක් පමණ තිබියදී බැරලය අතහැරී මුහුදට වැටුණු බවත් ඔහු කියා සිටියා. දිවි ගලවාගත්  ධීවරයා හදිසි ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර කෙරුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories