දෙමළ ජනතාවට දේශපාලන ශක්තියක් අවශ්‍යයි - බී.ජේ.පී.

Saturday, 08 June 2013 - 19:11

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B6%E0%B7%93.%E0%B6%A2%E0%B7%9A.%E0%B6%B4%E0%B7%93.

දෙමළ ජනතාව දේශපාලන වශයෙන් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු බව මෙරට සංචාරයක නිරත වූ භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම පවසා තිබෙනවා. ඒ, මෙරට නිල සංචාරය නිමකර යළිත් ඉන්දියාව බලා යාමෙන් අනතුරුව එරට මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ. යුද්ධය අවසන්වීමෙන් අනතුරුව මෙරට තුළ සිදුව ඇති සංවර්ධන ක්‍රියාදාමය අගය කළ හැකි අතර, දෙමළ ජනතාවගේ හදවත දිනා ගැනීමට තවදුරටත් කටයුතු කළ යුතු බවද භාරතීය ජනතා පක්ෂ නියෝජිත පිරිස සඳහන් කර තිබෙනවා. උතුරේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවයද මෙම නියෝජිත පිරිස අවධාරණය කර ඇති බව සඳහන්.

පසුගිය 04 වැනිදා රාත්‍රියේ භාරතීය ජනතා පක්ෂයේ නියෝජ්‍ය නායක රවිශංකර් ප්‍රසාද් ඇතුළු පාර්ලිමේන්තු නියෝජිතයින් 06 දෙනෙකු නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියා. මෙරටදී ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් මුණ ගැසී සාකච්ජා කිරීමට මෙම නියෝජිත පිරිස කටයුතු කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories