ඉහළ ගිය විදුලිබිල පැහැදිලි කළ මනු කියවන්නාට ප්‍රහාරයක්.

Sunday, 09 June 2013 - 19:02

%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


මාසික විදුලිබිල ලබාදීම සඳහා නිවසට පැමිණි මනු කියවන්නෙකුට සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අද (09) වාර්තා වුණා. මැයි මාසයට අදාළ විදුලිබිලෙහි වැඩිවූ ප්‍රමාණය සම්බන්ධයෙන් මීරිගම - දික්කන්දවත්ත ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයෙකු දැනුවත් කිරීමට යාමේදීයි ඊයේ (08) පෙරවරුවේ මෙම පහරදීම සිදුව ඇත්තේ. වීරගුල පොලීසිය සඳහන් කළේ අදාළ පහරදීම සිදුකළ පුද්ගලයා මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි. කෙසේ වෙතත්, පහරකෑ මනු කියවන්නා මීරිගම රජයේ රෝහලේ මේ වන විට නේවාසික ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ වේයන්ගොඩ ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයට අනුයුක්තව සේවය කළ පහරකෑමට ලක්වූ මනු කියවන්නා වූ යුරේෂ් චමින්ද අත්තනායක.

[MP3]s60650_1[/MP3]

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සන්ධානය කොළඹ අද (09) කැදවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. එම සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් කියා සිටියේ ඉදිරියේ දී මෙවැන් පහරදීමක් සිදුවුවහොත් සිය වෘත්තීය සමිතියට සම්බන්ධ සාමාජිකයන් දැනුවත් කර වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

 [MP3]s60650_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories