ඩෙංගු මර්දනයට ආණ්ඩුවට යෝජනා 7 ක්.

Monday, 10 June 2013 - 7:49

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+7+%E0%B6%9A%E0%B7%8A.

ඩෙංගු රෝගය මර්ධනය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිලිබඳව කරුණු 7ක් ඇතුළත් යෝජනාවලියක් වෘත්තීය සමිති විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර තිබෙනවා. සමස්ත ලංකා සුව සේවා සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ කියා සිටියේ අදාළ යෝජනාවලිය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත මේ වන විට යොමු කර ඇති බවයි.

[MP3]s60664_1[/MP3]

මේ අතර, ඩෙංගු රෝගය පැතිර යාම ඉහළ ගොස් ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර කිරීමට සියලූම රෝහල් සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල සඳහන් කළේ රුධිර සාම්පල් කඩිනමින් ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන සේවා පහසුකම් සියලූම රෝහල්වලට ලබාදීමට කටයුතු කර ඇති බවයි.

[MP3]s60664_2[/MP3]
 
කොළඹ, ගම්පහ, කලූතර, මහනුවර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් ඩෙංගු රෝගය ව්‍යාප්ත වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ. මේ අතර, ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් අවලංගු කෙරුණු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය, කළමනාකරණ පීඨය සහ ශාස්ත්‍ර පීඨයේ දේශන සහ විභාග අද සිට යළි ආරම්භ වන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories