මානව හිමිකම් පිළිබඳ ඇමරිකාවේ සහ කැනඩාවේ චෝදනාවලට පිළිතුරු

Monday, 10 June 2013 - 8:01

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ඇතිකිරීම සඳහා රජය තවදුරටත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී පසුගියදා යළි අවධාරණය කෙරුණා. ඒ, ඇමරිකාව සහ කැනඩාව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවන බවට කළ ප්‍රකාශයට ලබාදුන් පිළිතුර සමගයි. පසුගිය 27 වැනිදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 22 වන සැසිවාරය මේ වනවිට ස්විසර්ලන්තයේ ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී පැවැත්වෙනවා. පසුගිය 4 වැනිදා මෙම සැසිවාරය ඇමතූ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු නියෝජිත ඇලන් ඩොනහෝව් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවී ඇති බවයි. මේ එහිදී අදහස් දැක්වූ ජිනීවා මානව හිිමිකම් කවුන්සිලයේ ඇමරිකානු නියෝජිතවරිය.

[MP3]s60666_1[/MP3]

එම සැසිවාරයේදීම කැනඩා නියෝජිතයාද ශ්‍රී ලංකාවේ වත්මන් මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අදහස් පළකරමින් කියා සිටියේ තවදුරටත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වන බවයි. කෙසේ වෙතත් පෙරේදා දිනයේදී ඊට පිළිතුරු ලබාදුන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා නියෝජිතවරිය සඳහන් කළේ මේ වනවිටත් මානව හිමිකම් වැඩිදියුණු කරමින් ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඇති කිරීමට කටයුතු කර ඇති බවයි.
 
[MP3]s60666_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories