රාවණා බලය ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක.

Monday, 10 June 2013 - 13:30

%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A.


 චැම්පියන්ස් කුසලාන එක්දින තරඟාවලියේදී ශ්‍රී ලංකාව අපකීර්තියට පත්වීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් රාවණා බලය සංවිධානය අද (10) පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. එහි කැඳවුම්කරු පූජ්‍ය පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් මෙම විරෝධතාවයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමට එරෙහිව ක්‍රියා කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් ද භාර දුන් බවයි.

[MP3]s60696[/MP3]                                 

 චැම්පියන්ස් කුසලාන එක්දින තරඟාවලියේ් සමාරම්භක උත්සවය අතුරතුර ඊට එක්ව සිටින රටවල් 08 හි ජාතික කොඩි ක්‍රීඩාංගනය වෙත රැගෙන ඒම සිදුවුණා. එහිදී තරග සංවිධායකයන් අදාළ රටවල සංස්කෘතියට ගැලපෙන ගීත අනුවාදනයක් සිදුකළත්, ශ්‍රී ලංකා ජාතික කොඩිය රැගෙන ඒමේදී හින්දි ගීතයක ඛන්ඩයක් වාදනය කෙරුණා. මේ බව එදිනම රටට අනාවරණය කළේ හිරු ප්‍රවෘත්ති අංශයයි. ක්‍රිකට් තරඟ අතරතුරදී විදේශීය සම්භවයක් සහිත ගායකයන් විසින් මෙරට ජාතික ගීයේ වචන වරදවා ගායනා කළ අවස්ථාද මීට පෙරද වාර්තාවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories