නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන අත්අඩංගුවට.

Tuesday, 11 June 2013 - 7:54

%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.


 
බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන සදහන් කළේ මේ වන විට නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි. පසුගිය 6 වන දින බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රශ්න කිරීම් ආරම්භ කරනු ලැබුවා. ඒ, පසුගිය මස 22 වන දින බම්බලපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පැහැර ගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියට අනුයුක්තව සේවය කරන තවත් පොලිස් නිලධාරින් සිව් දෙනෙකු පසුගිය 6 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා. ඊට උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු අයත් වුණා. ඊට අමතරව, තවත් සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු ද කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. එම සැකකරුවන් සියලූදෙනා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories