චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර ඊයේ (10) පැවති තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 67ක ජයක් ලබා ගැනීමට සමත් වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 9ක් දැවී ලකුණු 234ක් ලබා ගත්තා. එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් හෂීම් අම්ලා ලකුණු 81ක් ලබා ගැනීමට සමත් වුණා. තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමට පන්දු වාර 45කදී සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 167ක් පමණයි. තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරගය අද (11) ඕවල්හිදී පැවැත්වෙනු ඇති. චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර ඊයේ (10) පැවති තරගය පිළිබදව තොරතුරු ඇතුළත් හිරු ක්‍රීඩා අංශය ගෙන එන විශේෂාංගය.
[MP3]s60737[/MP3]
Latest News
නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධනට එක් එක් නඩුවට බරපතල වැඩ සහිත වසර 04 බැගින් සිරදඬුවම්
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කරයි
සරණ ගුණවර්ධන අධිකරණයට පැමිණෙයි
කඳාන - හල්පේ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට
විමල්, උදය, දිලිත් පාස්කු විමර්ශනවලට බාධා කරන බව CIDය අධිකරණයට කියයි
සරණ ගුණවර්ධනගේ නඩු හතරක තීන්දුව අද
සලේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නැතැයි රෝහලට ගිය බිරිඳ කියයි
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් 99 වැනි වියට පා තබයි
බාල වයස්කරුවන්ගේ උපාංගවලින් නිරුවත් දර්ශන තහනම් කරන්න: බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ඇපල් සහ ගූගල් වෙත ඉල්ලීමක්