වාස්ගෙන් පැය 72ක් ප්‍රශ්න කරයි.

Tuesday, 11 June 2013 - 13:00

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+72%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන පැය 72ක රැදවුම් නියෝග යටතේ තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන පවසනවා. ඊයේ (10) දිනයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මැයි 22 වන දා බම්බලපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. මේ පිළිබද පසුගිය 6 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගෙන් ප්‍රශ්න කිරීම් ද සිදුකළා. එදිනම උදෑසන සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියට අනුයුක්තව සේවය කරන තවත් පොලිස් නිලධාරින් සිව් දෙනෙකු ද අත්අඩංගුවට ගත් අතර, ඊට උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු අයත්. සිද්ධිය සම්බන්ධයෙන් තවත් සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු ද කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. එම සැකකරුවන් සියලූදෙනා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories