ආපදා කළමනාකරණ ඇමති ඉල්ලා අස්වීමට සූදානම්.

Tuesday, 11 June 2013 - 19:18

%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

අයහපත් කාලගුණය හේතුවෙන් පසුගියදා අනතුරට පත්වූ ධීවර යාත්‍රාවල සිටි ධීවරයන් 51දෙනෙකු මේ වනවිට මියගොස් ඇති බව තහවුරු වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. තවත් 17 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටිනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ආපදා කළමනාකරණ අමාත්‍යවරයා මෙන්ම ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයාද කොළඹදී අද මාධ්‍ය හමු දෙකක් කැඳවා තිබුණා.

එහිදී ඔවුන් දැක්වූයේ එකිනෙකට පරස්පර අදහස්. නිසි ලෙස ධීවරයන් දැනුවත් නොකිරීමේ චෝදනාව ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න කාලගුණ බලධාරීන්ට එල්ල කරද්දී ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවිර ප්‍රකාශ කළේ එහි වගකීම තමන්ට පමණක් භාරගත නොහැකි බවයි.

[MP3]s60785_1[/MP3]                   

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ නියමිත වේලාවට අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව අදාල ෆැක්ස් පණිවුඩය ධීවර අමාත්‍යාංශයට යවා ඇති බවයි. නමුත් මෙම ප්‍රකාශය ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් නිමල් හෙට්ටිආරච්චි ප්‍රතික්ෂේප කළා.

[MP3]s60785_2[/MP3]             

මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් සිදුකිරීමට මේ වනවිටත් ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත්කර අවසන්. එහිදී තමන් වැරදිකරු වුවහොත් අමාත්‍ය ධුරයෙන්ද ඉල්ලා අස්වීමට සූදානම් බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.
 
[MP3]s60785_3[/MP3]               



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories