විපක්ෂ නායකවරයා සමග ගිය ප්‍රා. ස. මන්ත්‍රීවරු දෙදෙනෙකුට ප්‍රහාරයක්.

Tuesday, 11 June 2013 - 19:21

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F.+%E0%B7%83.+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

අයහපත් කාලගුණයත් සමග ජීවිත අහිමිවූ ධීවරයන්ගේ නිවෙස් කිහිපයකට අද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැමිණියේ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් හමුවී සුවදුක් විමසීම සඳහායි. අද (11) දහවල් මොරටුව ප්‍රදේශයට ගිය විපක්ෂ නායකවරයා අනතුරුව බේරුවල - මග්ගොන ප්‍රදේශයේ මියගිය ධීවරයෙකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වුණා.  අනතුරුව විපක්ෂ නායකවරයා පීඩාවට පත්වූ ධීවරයන් අතරට ගොස් ඔවුන්ගෙන් සැපදුක් විමසා සිටියා. මේ එම අවස්ථාවේදී විපක්ෂ නායකවරයා සහ ධීවරයන් අතර ඇතිවූ කථා බහයි.     

[MP3]s60786_1[/MP3]         

කෙසේ වෙතත් අවමංගල්‍ය උත්සවය පැවැත්වූ නිවසට ප්‍රදේශයේ සන්ධානයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගි වී සිටි අතර එහිදී දෙපාර්ශවය අතර වචන හුවමාරුවක් සිදුවුණා.

[MP3]s60786_2[/MP3]                             

අනතුරුව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ බලපිටිය - මිගෙට්ටුවත්ත ප්‍රදේශයේ මියගිය ධීවරයෙකුගේ නිවසක් බලා පිටත්ව ගියා. එහෙත් ඔහු එන මාර්ගයේ බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලූ පිරිසක් විරෝධතාවයක නිරතවී ඇති අතර අනතුරුව වෙනත් මගකින් විපක්ෂ නායකවරයා ඇතුලූ පිරිස අදාළ ස්ථානයට යෑමට පිටත් වුණා.

කෙසේ වෙතත් එහිදී මග හරස් කළ පිරිසත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුලූ පිරිසට විරෝධය පළ කර ඔහු සමග සිටි බලපිටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුටද පහරදී ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවේ විපක්ෂ නායකවරයා සමග සිටි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක දැක්වූයේ මෙවන් අදහසක්.

[MP3]s60786_3[/MP3]                                     

මේ පිළිබඳ තොරතුරු දැනගැනීමට අප එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති දයාරත්න සිල්වා සම්බන්ධ කරගත්තා.
 
[MP3]s60786_4[/MP3]                



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories