13 ගැන ලැජ්ජාවක් නොමැති බව එජාපය කියයි.

Wednesday, 12 June 2013 - 12:49

13+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BD%E0%B7%90%E0%B6%A2%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

13 වන සංශෝධනය ක්‍රියාත්මක කළහොත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් දේශපාලන පක්ෂ ඉන් ඉවත්වීමේ අවදානමක් පවතින බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා. ඒ හේතුවෙන් 13 වන සංශෝධනයට තවත් සංශෝධන එක් කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බව එම පක්ෂයේ අදහසයි.

 

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ 13 වන සංශෝධනය සම්බන්ධයෙන් තම පක්ෂය කිසිදු අවස්ථාවක ලැජ්ජාවකට පත් නොවන බවයි. රටේ ඒකීයභාවය රැක ගැනීමට නම් බලය බෙදීමක් සිදුකළ යුතු බව ඔහු එහිදී කියා සිටියා.

 

[MP3]s60830_1[/MP3]                                 

 

මේ අතර, විපක්ෂයේ විරෝධය සංවිධානය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය වෙත ලිපියක් යොමුකර තිබෙනවා. ඔවුන් එමඟින් අවධාරණය කර ඇත්තේ උතුරේ මැතිවරණය පැවැත්වීම නිදහස් හා සාධාරණ අන්දමින් සිදුවිය යුතු බවයි. උතුරේ මැතිවරණය පවත්වන්නේ නම් ඒ සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයන්ගේ අධීක්ෂණය අවශ්‍ය බවද විපක්ෂයේ විරෝධය ප්‍රකාශ කළා. ඔවුන් සඳහන් කරන්නේ 13 වන සංශෝධනයට වෙනත් සංශෝධන සිදු නොකර මැතිවරණය පැවැත්විය යුතු බවයි.

 

කෙසේ වෙතත්, 13 වන සංශෝධනයේ ඇතැම් බලතල වෙනස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඊයේ (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන්ම විපක්ෂයේ විරෝධය සංවිධානය නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක සහ සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඒ පිළිබඳව දැක්වු අදහස් කිහිපයකුයි මේ.

 
[MP3]s60830_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories