මුස්ලිම් කොංග්‍රසය සහ වම ජනපතිට ලියයි.

Wednesday, 12 June 2013 - 19:16

%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B6%B8+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.


13 වන සංශෝධනයේ වගන්ති දෙකක් වෙනස් කිරීමට ගෙන ආ යෝජනාව හෙට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී යළි සළකා බැලීමට නියමිතයි. පසුගිය 6 වැනිදා මෙම යෝජනාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ නමුත් ආණ්ඩුවේ පාර්ශව කරුවන් වන රාවුෆ් හකීම්, වාසුදේව නානායක්කාර සහ ඩග්ලස් දේවානන්දා යන අමාත්‍යවරු කරනු ලැබූ ඉල්ලීමකට අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සතියකින් කල් දැමුවා.

කෙසේ වෙතත් එම කාලය හෙටින් අවසන්වන අතර පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ හෙට පැවැත්වෙන රැස්වීමේදී මේ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි. 13 වන සංශෝධනයට කිසියම් සංශෝධනයක් ඉදිරිපත් කිරීමේදී සියලූම පලාත් සභාවල අනුමැතිය ඒ සඳහා අවශ්‍යය යන වගන්තිය බහුතරයක් පළාත් සභාවල අනුමැතිය ඇතිව සිදුකළ හැකියි යන්න මෙහි එක් සංශෝධනයක්. එමෙන්ම පළාත් සභා දෙකක් හෝ 3 ක් ඒකාබද්ධ කර තනි පළාත් සභාවක් පිහිටුවීමට අදාළ වගන්තිය 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කළ යුතුයි යන්න අනෙක් සංශෝධනයයි.

13 වන සංශෝධනයේ වගන්ති දෙකක් වෙනස් කිරීමට ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ සිටින පක්ෂ විවිධ මත දරනවා. මෙම සංශෝධන දෙක පිළිබඳව තම පක්ෂයේ ලිඛිත විරෝධය අද ජනාධිපතිවරයා වෙත ලබාදුන් බවයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී හසන් අලී කියා සිටියේ.

[MP3]s60862_1[/MP3]        

එහෙත් නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා කියා සිටියේ මුස්ලිම් ප්‍රජාවගේ ආරක්ෂාව සඳහා 13 වන සංශෝධනයේ වගන්ති වෙනස් කිරීමට අවශ්‍ය බවයි.

[MP3]s60862_2[/MP3]                      

ජාතික හෙළ උරුමය 13 ට සංශෝධන 5 ක් ඉදිරිපත් කළ අතර ඒවා පසුගියදා ජනාධිපතිවරයා වෙතද ලබාදී තිබෙනවා. හෙළ උරුමය 13 ට ඉදිරිපත් කරන සංශෝධන සම්බන්ධයෙන් අද එක්සත් ජාතික පක්ෂය දැනුවත් කළා.

වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ සහ ඩිව් ගුණසේකර යන අමාත්‍යවරුන් නියෝජනය කරන ආණ්ඩුවේ වමේ පක්ෂ විසින් අද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් එස්. සුදසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ 13 වන සංශෝධයේ  වගන්ති දෙකක් වෙනස් කිරීමේ යෝජනාව හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි.


[MP3]s60862_3[/MP3]

‘‘ඉඩම් සහ පොලිස් බලතල සහිතව උතුරේ ඡන්දය එපා’’ යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ දින 10 ක් තිස්සේ සිදුකළ මහජන අත්සන් එකතු කිරීමේ වැඩපිළිවෙල අද පස්වරුවේ කොළඹ දුම්රියපල ඉදිරිපිටින් අවසන් වුණා. ඊට එක්වූ එම පක්ෂයේ නායක අමාත්‍ය විමල් වීරවංශ පළ කළේ මෙවන් අදහසක්.

[MP3]s60862_4[/MP3]


කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ ආණ්ඩුව 13 වන සංශෝධනය වෙනස් කිරීමට ගෙන ආ යෝජනා දෙකට ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් දැනටමත් විරෝධය පළ කර ඇති බවයි.


[MP3]s60862_5[/MP3]                    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories