මුහුද අදත් රළු වෙයි. ධීවරයන්ට අවවාද.

Thursday, 13 June 2013 - 8:03

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF.

මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු ප්‍රදේශවල තවදුරටත් යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගූ කියා සිටියේ මෙම මුහුදු ප්‍රදේශයේ සුළං වේගය පැයට කිලෝමීටර් 70 පමණ දක්වා ඉහළ යා හැකි අතර මුහුද රළුවන බවයි.

[MP3]s60879_1[/MP3]

මේ අතර ලක්‍ෂපාන, කැනියන් හා ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇති බවයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි සඳහන් කළේ. එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොහෝ මාර්ගවල දැඩි මීදුම් තත්ත්වයක් පවතින හෙයින් සැළකිලිමත්ව රිය පදවන ලෙසද දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලීමක් කළා.

 
[MP3]s60879_2[/MP3]

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories