දහ තුනේ සංශෝධනය අද යළි අමාත්‍ය මණ්ඩලයට.

Thursday, 13 June 2013 - 8:09

%E0%B6%AF%E0%B7%84+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7.

13 වන සංශෝධනයේ වගන්ති දෙකක් වෙනස් කිරීමට ගෙන ආ යෝජනාව අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී යළි සළකා බැලීමට නියමිතයි. පසුගිය 6 වැනිදා මෙම යෝජනාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ නමුත් ආණ්ඩුවේ පාර්ශව කරුවන් වන රාවුෆ් හකීම්, වාසුදේව නානායක්කාර සහ ඩග්ලස් දේවානන්දා යන අමාත්‍යවරු කරනු ලැබූ ඉල්ලීමකට අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සතියකින් කල් දැමුවා.

13 වන සංශෝධනයට කිසියම් සංශෝධනයක් ඉදිරිපත් කිරීමේදී සියලූම පලාත් සභාවල අනුමැතිය ඒ සඳහා අවශ්‍යය යන වගන්තිය බහුතරයක් පළාත් සභාවල අනුමැතිය ඇතිව සිදුකළ හැකියි යන්න මෙහි එක් සංශෝධනයක්. එමෙන්ම පළාත් සභා දෙකක් හෝ 3 ක් ඒකාබද්ධ කර තනි පළාත් සභාවක් පිහිටුවීමට අදාළ වගන්තිය 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කළ යුතුයි යන්න අනෙක් සංශෝධනයයි.

මෙම සංශෝධන දෙක පිළිබඳව තම පක්ෂයේ ලිඛිත විරෝධය ඊයේ ජනාධිපතිවරයා වෙත ලබාදුන් බවයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී හසන් අලී කියා සිටියා.

[MP3]s60880_1[/MP3]

වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ සහ ඩිව් ගුණසේකර යන අමාත්‍යවරුන් නියෝජනය කරන ආණ්ඩුවේ වමේ පක්ෂ විසින් ඊයේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකළා. කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් එස්. සුදසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ 13 වන සංශෝධයේ  වගන්ති දෙකක් වෙනස් කිරීමේ යෝජනාව අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි.

[MP3]s60880_2[/MP3]

කෙසේ වෙතත් ජාතික නිදහස් පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරන්නේ මෙවන් අදහසක්. මේ ඒ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට කරුණු පැහැදිළි කරන එම පෙරමුණේ මාධ්‍යම කාරක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක.

[MP3]s60880_3[/MP3]

ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මුස්ලිම් කොංග්‍රසයේ සහ වමේ පක්ෂවල සහය නොමැති වුවද කැබිනට් අනුමැතිය ලැබෙනු ඇති බවයි.

[MP3]s60880_4[/MP3]

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය කොළඹ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ ආණ්ඩුව 13 වන සංශෝධනය වෙනස් කිරීමට ගෙන ආ යෝජනා දෙකට ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් දැනටමත් විරෝධය පළ කර ඇති බවයි.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories