යුද හමුදාව නමින් පැහැරගැනීම් කළ සුදු වෑන් කල්ලියක් අල්ලයි.

Thursday, 13 June 2013 - 12:49

%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.


 

 

යුද හමුදා සාමාජිකයන් බව පවසා සුදු වෑන් රථයකින් එකම පවුලේ සිවුදෙනෙකු පැහැර ගෙන යමින් සිටි කල්ලියක් මඩකලපුව මන්මුණේ ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය සඳහන් කළේ යුද හමුදා නිලධාරීන් බව පවසා පුද්ගලයින් 6 දෙනෙකු විසින් මන්මුණේ ප්‍රදේශයේ පදිංචි දෙමළ ජාතික පවුලක මව, පියා සහ දරුවන් දෙදෙනා පැහැරගෙන යමින් තිබූ බවයි. පසුව ප්‍රදේශවාසීන් මේ පිළිබඳව යුද හමුදාවට දැනුම්දී තිබෙනවා. ඒ අනුව මෙම පිරිස කාතන්කුඩි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර මොවුන් දෙමළ ජාතිකයන්. පසුව මොවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සැකකරුවන් යුද හමුදාවට සම්බන්ධ පුද්ගලයින් නොවන බවයි.

 

පෞද්ගලික ආරවුලක් මත මුදල් ලබාගැනීමේ අරමුණින් මෙම පැහැරගැනීම සිදුකර ඇති බව සැකකරුවන් අනාවරණය කර තිබෙනවා.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය ප්‍රකාශකළේ ඇතැම් පුද්ගලයින් ආරක්ෂ අංශ වල නම භාවිතා කරමින් සිදුකරන අපරාධ හේතුවෙන් ආරක්ෂක අංශ අපකීර්තියට පත්වන බවයි.

[MP3]s60901[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories