ඞී.අයි.ජී. වාස් ගුණවර්ධන රක්ෂිත බන්ධනාගාරයට.

Thursday, 13 June 2013 - 13:16

%E0%B6%9E%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A2%E0%B7%93.+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7.



අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මේ මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ අතිිරේක මහේස්ත්‍රාත් ඒ.එම්. සහබ්දීන් අද නියෝග කළා. ඒ, දැනට හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන නියෝජ්‍ය පොලිස්පතිවරයාව එහි ගොස් පරීක්ෂා කිරීමෙන් පසුවයි. රහස් පොලීසිය අද පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

 

රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම්. සහබ්දීන් වෙත පරීක්ෂණයේ ප්‍රගතිය සහ සාක්ෂි සම්පිණ්ඩනය ඇතුලත් වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව අනාවරණ කළා. නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනව අත්අඩංගුවට ගැනුනේ බම්බලපිටියේ  කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහොමඞ් සියාම් නැමැත්තා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මතයි. නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් නීතීඥ අජිත් පතිරණ පෙනී සිටියා. ඔහු කියා සිටියේ සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධකරුවන් රැසක් නීතියේ රැහැනට හසුකරගත් අයෙක් බවයි. ඔහු අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වනවිටත් බන්ධනාගාරයේ සිටින බැවින් ඔහුව බන්ධනාගාර ගත කිරීමෙන් ජීවිතයට තර්ජනයක් විය හැකි බවද නීතීඥවරයා පැවසුවා.

 

ආරක්ෂාව මධ්‍යයේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තමන් එරෙහි නොවන බව මියගිය ව්‍යාපාරිකයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මෙහිදී සඳහන් කර තිබෙනවා. එහිදී නීතීඥ අජිත් පතිරණ පැවසුවේ සැකකරු දියවැඩියාව හා අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවයි. අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියේද නීතියට අනුකූල නොවන ආකාරයක් දක්නට ලැබෙන බව ඔහු ප්‍රකාශ කළා. අපරාධයට යොදාගත් බව පැවසෙන වාහන කිහිපයක්ද රහස් පොලීසිය අද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

 

රහස් පොලීසිය පැවසුවේ සැකකරුවන් කළ බව කියන අපරාධ විශාල සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇති බවයි. සැකකරු දිවි නසාගැනීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව සැළකිලිමත් වන ලෙස මියගිය ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories