උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීම එකම දිනකදී පවත්වන්නේ නම් ඊට මැතිවරණ මහලේකම් කාර්යාලය සූදානමින් සිටිනවා. මෙම පළාත් සඳහා තුනේම ඡුන්ද විමසීම එකම දිනකදී පවත්වන බව හිරු ප්රවෘත්ති අංශය මුල්වරට අනාවරණය කරනු ලැබුවේ පෙරේදා දිනයේයි. ඊයේ (13) රාත්‍රියේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ද මෙම පළාත් සභා 3 හි ඡුන්ද විමසීම එකම දිනකදී පැවැත්වීම කෙරෙහි අවධානය යොමුවුණා. එය මෙහෙයවීම සඳහා පළාත් සභා 3 ට අමාත්‍යවරුන් තිදෙනෙකු ද පත් කිරීමටයි මධ්‍යම කාරක සභාවේදී තීරණය කෙරුණේ. වයඹ පළාත් සභාව විසුරුවා හැර තනිව ඡන්ද විමසීම සිදුකිරීමටත් රජයේ අවධානය යොමුව තිබූ බවට වාර්තා පළ වුණා.
කෙසේ වෙතත්, උතුරේ පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් මාසයේදී පවත්වන බව රජය දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මැතිවරණ කොමසාරිස්වරයා මීට පෙර ප්‍රකාශ කළේ සැප්තැම්බර් මාසයේදී මැතිවරණය පවත්වන්නේ නම් එය 7,14 ,21 හෝ 28 යන දිනවලදී පවත්වන බවයි. බොහෝදුරට මැතිවරණ සැප්තැම්බර් මස 7 හෝ 21 යන දිනවලදී පවත්වනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ. සැප්තැම්බර් මාසයේදී පළාත් සභා ඡුන්ද විමසීම පවත්වන්නේ නම් වයඹ සහ මධ්‍යම පළාත් සභා විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය මේ මස අවසානයේ හෝ ජූලි මස මුල් සතියේ නිකුත් කළ යුතුයි. සාමාන්‍යයෙන් මැතිවරණ පනතට අනුව, පළාත් සභාව විසුරුවා හැර සතියක් ඇතුළත නාමයෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයට පත් කරනවා. එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර සති දෙකකින් පසුවයි නාමයෝජනා කැඳවනු ලබන්නේ. නාමයෝජනා කැඳවන අවසන් දිනයේ සිට සති 5 ත් 8 ත් ඇතුළත ඡන්ද විමසීම පැවැත්වීම සාමාන්‍ය සම්ප්රදායයි.
මේ අතර, විපක්ෂයේ විරෝධය උතුරේ පළාත් සභා ඡන්ද විමසීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අද පෙරවරුවේ මුණ ගැසුණා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ උතුරේ ඡන්ද විමසීමට අදාළව කරුණු 3 ක් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කළ බවයි. විදේශ නිරීක්ෂකයන් ගෙන්වීම, උතුරට සිවිල් ආණ්ඩුකාරවරයෙකු පත් කිරීම සහ ඡන්ද විමසීමට පෙර ස්වාධීන් කොමිෂන් සභා ස්ථාපිත කිරීම මෙම යෝජනායි. තවදුරටත් මේ සම්බන්ධයෙන් පැහැදිලි කරන පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක.
[MP3]s60976[/MP3]
Follow US
Most Viewed Stories