International14 June 2013

ඉරාන ජනපතිවරණය අද.



ජනාධිපති මහමුද් අහමඩිනෙජාඞ්ට පසුව ඉරානයේ නායකත්වය තීරණය කෙරෙන එරට ජනාධිපතිවරණය අද (14) පැවැත්වෙනවා. ඒ සඳහා අපේක්ෂකයන් 6 දෙනෙකු ඉදිරිපත් වී සිටින අතර, ඡන්දය ප්‍රකාශ කිරීම ඉරාන වේලාවෙන් අද පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා සිදුකෙරෙනු ඇති. ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට වරම් ලැබූ ඉරාන වැසියන්ගේ සංඛ්‍යාව මිලියන 50 කට අධිකයි. ඉරානයේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් 6 දෙනා අතුරෙන් හසාන් රොව්හානි ප්‍රතිසංස්කරණවාදීන්ගේ ප්‍රසාදය දිනා ගැනීමට සමත්ව සිටිනවා. බටහිර රටවල් සමඟ යලි සමීප සබඳතා ඇරඹිය යුතු බව පවසන රොව්හානිට එරට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේ සහය හිමිවීම ද විශේෂත්වයක්. ප්‍රතිසංස්කරණවාදීන් වන මොහොමඞ් කටාමි සහ රෆ්සන්ජානි මොහු වෙනුවෙන් තම සහය පළ කර ඇතැයි සඳහන්. අනෙක් අපේක්ෂකයන් සියලූදෙනාම ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනිගේ සමීපතමයන්. පසුගිය වසර අට පුරා ඉරානය පාලනය කළ ජනාධිපති අහමදිනෙජාඞ් ට එරට ව්‍යවස්ථාවට අනුව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් නැහැ.

Related recommendation
Hiru TV News | Programmes