නුවර සහ නුවරඑළියේ නිවාස 356කට, පාසල් 70කට හානි.

Friday, 14 June 2013 - 18:52

%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+356%E0%B6%9A%E0%B6%A7%2C+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+70%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ධීවරයන් මුහුණදුන් ආපදා තත්ත්වයට අමතරව ගොඩබිම වැඩිම ආපදා තත්ත්වයක් වාර්තා වී තිබුණේ මධ්‍යම පළාතෙන්. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල වාර්තාවන්ට අනුව ගතවු දින 03 ක කාලය තුළ නුවරඑලිය හා මහනුවර දිස්ත්‍රික්කවල පවුල් 391 කට අයත් පුද්ගලයන් 1404 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බව සඳහන්. එමෙන්ම, මෙම ප්‍රදේශවල නිවාස 356 ක්, පූර්ණ හා අර්ධ වශයෙන් හානියට පත්ව තිබෙනවා. ඇතිවු ආපදා තත්ත්වයන් හේතුවෙන් නුවරඑලිය සහ හැටන් අධ්‍යාපන කලාපවල පාසල් 70 කට පමණ අලාභ හානි සිදුව ඇති බව ද සඳහන්. එම තත්ත්වය මත අද (14) දිනයේ එම අධ්‍යාපන කලාප දෙකෙහි පාසල් 200 ක් සඳහා නිවාඩු ලබාදීමට මධ්‍යම පළාත් සභාව ඊයේ තීරණය කළා. කෙසේ වෙතත්,  එම පාසල් ලබන සඳුඳා විවෘත කරන බවයි මධ්‍යම පළාත් සභාව පවසන්නේ. අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් විවෘත කෙරුණු ලක්ෂපාන, කැනියොන් සහ ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු තවදුරටත් එලෙසම පවතින බවද සඳහන්.

 

පසුගිය දින 03 තුළ නුවරඑලිය සහ මහනුවර දිස්ත්‍රික්කවල ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග කිහිපයක් අවහිර වූයේ ගස් කඩා වැටීම හේතුවෙන්. අද (14) අළුයම කිරිමැටිය ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් නුවරඑලිය හැටන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණා.



 

මේ අතර, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ රාත්‍රි තැපැල් දුම්රිය අද (14) දිනයේත් ධාවනය වන්නේ නැහැ. ඊයේ (13) දිනයේත් මෙලෙස දුම්රිය ගමන්වාර දෙකක් අත්හිටුවීමට දුම්රිය පාලක මැදිරිය තීරණය කළා. රාත්‍රි 08 ට කොළඹ - කොටුවේ සිට බදුල්ල බලා ධාවනයවීමට නියමිත රාත්‍රි තැපැල් දුම්රිය සහ බදුල්ලේ සිට පස්වරු 6 ට කොළඹ බලා ධාවනය වීමට නියමිත දුම්රිය මෙලෙස තාවකාලිකව අද (14) දිනයේත් අත්හිටුවා තිබෙනවා.

 

පසුගිය දින 03 තුළ මධ්‍යම පළාතේ පාසල්, නිවාස හා මාර්ග පද්ධතියට සිදුවු හානි සම්බන්ධයෙන් අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් වාර්තාවක් කැඳවා ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක කියා සිටියේ.

 
[MP3]s61005[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories