ජාතික සමගිය සහ ජාතික සංවර්ධනය වෙනුවෙන් එකම අරමුණක් ඔස්සේ අත්වැල් බැඳ ගැනීම සියලූදෙනාගේ වගකීම වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ත්‍රස්තවාදය රටින් තුරන් කිරීම, උතුරේ සහ දකුණේ සියලූ ජනතාවගේ එකම සිහිනය වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා අද උතුරත් දකුණත් එකට එක්ව ඇති බව ද අවධාරණය කර සිටියා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ කිලිනොච්චියේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පවරාදීමෙන් පසු කිලිනොච්චිය නගරයේ පැවති ජන හමුව අද පස්වරුවේ අමතමින්. තම ජිවිත අඳුරේ දමා පිටරට සිට සිහින දකින අයගේ පටු දේශපාලන වැඩපිළිවෙල පිළිබඳව උතුරේ ජනතාව සැබෑ අවබෝධයකින් කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.
[MP3]s61067_1[/MP3]
මේ අතර, රුපියල් මිලියන 20 000 ක වියදමින් ප්‍රතිසංස්කරණය කරන ලද මහනුවර - යාපනය ඒ 9 මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද ජනතා අයිතියට පත් කෙරුණා. ගල්කුලමේ සිට යාපනය දක්වා කිලෝමීටර් 153 ක දුරක් මෙලෙස ප්‍රතිසංස්කරණය කරනු ලැබූ අතර එය කිලිනොච්චියේදී ජනාධිපතිවරයා අතින් විවෘත කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.
කලක් එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිත කළ ඉරණමඩු ගුවන් පථය ද නවීකරණය කිරීමෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද යළි විවෘත කෙරුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සැලසුම් කර ඉදිකරන ලද පළමු ගුවන් තොටුපළ ලෙසයි එය සැලකෙන්නේ. අද උදෑසන ජනාධිපතිවරයා රැගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්.ඒ. 60 වර්ගයේ ගුවන් යානය ඉරණමඩු ගුවන් තොටුපළට ගොඩබැස්සවීමෙන් අනතුරුවයි එය නිළ වශයෙන් මෙලෙස විවෘත කෙරුණේ. ඒ පිළිබඳව අදහස් දක්වන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගුවන් කොමදෝරු ඇන්ඩෲ විජේසූරිය.
[MP3]s61067_2[/MP3]
මේ අතර උතුරේ ජනතාව වෙනුවෙන් ඉදි වූ තවත් නිවාස ව්‍යාපෘතියක් වන නන්දිකඩාල් කේප්පටිලව් නිවාස ව්‍යාපෘතිය අද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. යුධ හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකෙරෙන මෙම නිවාස ව්‍යාපෘතිය නිවාස 165 කින් සමන්විතයි. මෙම ගම්මානයේ විදුලි සැපයුම ජනාධිපතිවරයා විසින් අද දිනයේ විවෘත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. මේ අතර, අධ්‍යාපන සේවා අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලබන පාසල් සිසුන් සඳහා නැවුම් කිරි ලබාදීමේ ජාතික වැඩසටහන ද කිලිනොච්චි - වඞ්ඩක්කච්චි මහ විද්‍යාලයේදී අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
ඉරණමඩු ගුවන් පථය ජනපති අතින් විවෘතවූ මොහොත
[JPG]s61041_8[/JPG]
[JPG]s61041_9[/JPG]
[JPG]s61041_10[/JPG]
[JPG]s61041_11[/JPG]
[JPG]s61041_12[/JPG]
[JPG]s61041_13[/JPG]
[JPG]s61041_14[/JPG]
[JPG]s61041_15[/JPG]
[JPG]s61041_16[/JPG]
[JPG]s61041_17[/JPG]
[JPG]s61041_18[/JPG]
[JPG]s61041_19[/JPG]
[JPG]60937_1[/JPG]
[JPG]60937_2[/JPG]
[JPG]60937_3[/JPG]
[JPG]60937_4[/JPG]
[JPG]60937_5[/JPG]
[JPG]60937_6[/JPG]
[JPG]60937_7[/JPG]
Latest News
ඉහළින් ඕඩර්ස් ආවට වධ දෙන්න යන්න එපා; දවසක සලේට වඩා අමාරුවේ වැටෙයි: නීතිඥ මනෝජ් ගමගේ
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 342.08ක් ලෙස සටහන් වෙයි
තලවතුගොඩ අවන්හලක ගින්නක් - තිදෙනෙකු බේරා ගනී
නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධනට එක් එක් නඩුවට බරපතල වැඩ සහිත වසර 04 බැගින් සිරදඬුවම්
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කරයි
සරණ ගුණවර්ධන අධිකරණයට පැමිණෙයි
කඳාන - හල්පේ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට
විමල්, උදය, දිලිත් පාස්කු විමර්ශනවලට බාධා කරන බව CIDය අධිකරණයට කියයි
සරණ ගුණවර්ධනගේ නඩු හතරක තීන්දුව අද