දෙමළ සන්ධානය අද ඉන්දියාවට.

Sunday, 16 June 2013 - 7:53

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගෙන් සැදුම් ලත් නියෝජිත පිරිසක් අද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි. අද පෙරවරුවේ සිය නියෝජිත පිරිස දිවයිනෙන් පිටත්ව යන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා කියා සිටියා. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, මාවෙයි සේනාධිරාජා, සෙල්වම් අඩෙක්කලනාදන්, එම්.ඒ. සුමන්දිරන්, පී. සෙල්වරාසා හා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් යන පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන් මෙම නියෝජිත පිරිසට ඇතුළත්.

13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් මෙම සංචාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ඇතුළු ඉන්දීය රාජතාන්ත්‍රිකයන්ගේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා සදහන් කළේ.
 
[MP3]s61075[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories