පළාත් මන්ත්‍රී දණගැස්ස වූ ගුරුවරියට යළිත් තර්ජන.

Sunday, 16 June 2013 - 12:32

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AF%E0%B6%AB%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර විසින් දණගැස්සවූ බවට වාර්තාවූ නවගත්තේගම නවෝද්‍යා මහා විද්‍යාලයේ ගුරුවරියගේ ජීවිතයට තර්ජන පවතින බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කළා. ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් ඇයගේ නිවස අසලට පැමිණ තර්ජනාත්මක අයුරින් හැසිරී ඇති බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කළේ.

[MP3]s61096_1[/MP3]

මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය පීඩාවට ලක්වූ ගුරුවරියගේ සැමියා වන  එච්.එම්. රත්නායකගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් නවගත්තේගම පොලීසියට පැමිණිලි කළ බවයි.

[MP3]s61096_2[/MP3]

නවගත්තේගම නවෝද්‍යා මහා විද්‍යාලයේ ගුරුවරියක් දණ ගස්වා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වයඹ පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ආනන්ද සරත් කුමාර ඊයේ (15) පස්වරුවේ රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඒ, පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් මොහොමඞ් ඉක්බාල් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ශිෂ්‍යාවකට විනය පියවර ගැනීමේ සිද්ධියක් හේතුවෙන් අදාළ ගුරුවරිය පාසල් භූමිය තුළ පෙරේදා මන්ත්‍රීවරයා විසින් දණගස්වා තිබූ බවයි වාර්තා වුණේ. එදින උදෑසන පාසල් කටයුතු ආරම්භ කිරීමට පෙර නිළ ඇදුමෙහි දිග ප්‍රමාණය කෙටි වූ ශිෂ්‍යාවන් කිහිපදෙනෙකුට ඇය අවවාද කර තිබෙනවා.

එලෙස අවවාද කළ ශිෂ්‍යාවන් අතර වයඹ පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ආනන්ද සරත් කුමාරගේ දියණිය ද සිටියා.  

සිද්ධියට සම්බන්ධ පාසල් ගුරුවරිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පාසල අවසන්වීමට ආසන්නයේදී අදාළ මන්ත්‍රීවරයා පාසලට පැමිණ තමාට පරුෂ වචනයෙන් බැන වැදී විද්‍යාල භූමියේම දණ ගැස්සූ බවයි.

[MP3]s61096_3[/MP3]
 
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පළාත් සභා මන්ත්‍රීවරයා ඊයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories