General16 June 2013

වාස් ගුණවර්ධන බන්ධනාගාර රෝහලට.

අධිකරණ නියෝගයකින් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන බන්ධනාගාර රෝහලට මාරුකර යවා තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු මේ බව තහවුරු කළා. ඊයේ (15) රාත්‍රියේයි නියෝජ්‍ය පොලිස්පතිවරයා බන්ධනාගාර රෝහලට මාරු කර යව ඇත්තේ. ඔහු ඒ වනතෙක් කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක 42 හි ප්‍රතිකාර ලබමින් සිටියා. නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනව පසුගිය 10 වැනිදා අත්අඩංගුවට ගැනුනේ බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහොමඞ් සියාම් නැමැත්තා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මතයි.

Related recommendation
Hiru TV News | Programmes