වයඹ සහ මධ්‍යම පළාත් සභා ඉදිරි සතියේ විසුරුවා හැරෙන ලකුණු.

Sunday, 16 June 2013 - 18:52

%E0%B7%80%E0%B6%BA%E0%B6%B9+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.

වයඹ සහ මධ්‍යම පළාත් සභා එළඹෙන 21 වැනි සිකුරාදා විසුරුවා හැරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කළා. මේ අතර, මෙම පළාත් සභා දෙක ලබන 24 වන සඳුදා දිනයේදී විසුරුවා හැරීම පිළිබඳ ද රජයේ අවධානය යොමුව තිබෙනවා. වයඹ සහ මධ්‍යම පළාත් සභාවල නිළ කාලය අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ මාර්තු මාසයේයි.    

කෙසේ වෙතත්, උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා  ඡන්ද විමසීම එකම දිනකදී පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය දැනටමත් යොමුව අවසන්. ඒ සම්බන්ධයෙන් පසුගිය දා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ද අනුමැතිය හිමි වුණා. බොහෝදුරට පළාත් සභා ඡන්ද විමසීම සැප්තැම්බර් මස 7 හෝ 21 යන දින දෙකෙන් එකකදී පවත්වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ. මැතිවරණ පනතට අනුව පළාත් සභා විසුරුවා හැර සතියක් ඇතුළත නාමයෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයට පත් කරනවා. එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර සති දෙකකින් පසුවයි නාමයෝජනා කැඳවනු ලබන්නේ. නාමයෝජනා කැඳවන අවසන් දිනයේ සිට සති 5 ත් 8 ත් ඇතුළත ඡන්ද විමසීම පැවැත්වීම සාමාන්‍ය සම්ප්‍රදායයි.

මේ අතර, උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීම සදහා මැතිවරණ මහලේකම් කාර්යාලය මේ වන විටත් සූදානමින් සිටිනවා. එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පෝරම සහ නාම යෝජනා කැදවීමට අදාළ ලේඛන මුද්‍රණ කටයුතු සඳහා හෙට රජයේ මුද්‍රණාලයට භාර දෙන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories