ඉරානයේ නව ජනාධිපති හසාන් රොව්හානි වෙත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් සිය සුබ පැතුම් එක් කර තිබෙනවා. නව ජනාධිපතිවරයාට සුබ පතමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සදහන් කර ඇත්තේ නව වෙනසකට ඉරානය සූදානම් විය යුතු බවයි. පසුගිය වසර 8ක කාලසීමාව තුළ ඉරානයේ ඇතැම් රාජ්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් ජාත්‍යන්තරය හමුවේ රටක් වශයෙන් ඉරානය හුදෙකලා වූ බව බෑන් කී මූන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. ඒ සියල්ල වෙනස් කර නව මාවතකට යොමුවීමට ඉරානයේ නව ජනාධිපති හසාන් රොව්හානිට අවකාශ පවතින බවත්, ඉදිරියේ දී ඉරානය සුබවාදී ගමන් මඟට සහාය පළ කරන බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා තවදුරටත් පවසා තිබෙනවා.
Follow US
Most Viewed Stories