වාද්¥ව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (16) උදෑසන ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සදහන් කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පොළොන්නරුව - මින්නේරිය - රත්මලේ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සමන් වීරසිංහ නමැති පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බවයි. වාද්දුව ප්‍රදේශයේ වෙළඳසැලකින් ගෑස් සිලින්ඩර් 46 ක් සොරකම් කිරීම ඇතුළු තවත් සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් ඊයේ මොහු අත්අඩංගුවට ගැනුණා. පසුව, අද (16) උදෑසන හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සැකකරු රෝහල් ගත කෙරුණා. අනතුරුව, මොහු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. සැකකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතිනවා.
කෙසේ වෙතත්, මියගිය පුද්ගලයාගේ ඥාතීන් සඳහන් කරන්නේ මසකට වරක් සැකකරුට පොලිසියේ පෙනී සිටීමට ද නියමිතව තිබූ බවයි. ඔහු කලක සිට විවිධ රෝගාබාධවලින් පීඩා විඳි අයෙකු බවයි සැකකරුගේ ඥාතීන් වැඩිදුරටත් කියා සිටියේ.
Latest News
ඉහළින් ඕඩර්ස් ආවට වධ දෙන්න යන්න එපා; දවසක සලේට වඩා අමාරුවේ වැටෙයි: නීතිඥ මනෝජ් ගමගේ
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 342.08ක් ලෙස සටහන් වෙයි
තලවතුගොඩ අවන්හලක ගින්නක් - තිදෙනෙකු බේරා ගනී
නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධනට එක් එක් නඩුවට බරපතල වැඩ සහිත වසර 04 බැගින් සිරදඬුවම්
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කරයි
සරණ ගුණවර්ධන අධිකරණයට පැමිණෙයි
කඳාන - හල්පේ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට
විමල්, උදය, දිලිත් පාස්කු විමර්ශනවලට බාධා කරන බව CIDය අධිකරණයට කියයි
සරණ ගුණවර්ධනගේ නඩු හතරක තීන්දුව අද