ඉන්දු - ලංකා ගිවිසුම උල්ලංඝනය කරනවා - TNA ඉන්දියාවේදී කියයි.

Monday, 17 June 2013 - 13:00

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%82%E0%B6%9D%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+TNA+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ලක් රජය ඉන්දු - ලංකා ගිවිසුම උල්ලංඝනය කරමින් සිටින බවට දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළා. ඉන්දියාවේ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම ඊයේ පස්වරුවේ නවදිල්ලිය වෙත ළඟා වුණා. එහිදී, එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ තම සංචාරය තුලදී මේ පිළිබඳව ඉන්දීය නායකයින්ගේ අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන බවයි.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 6දෙනෙකු මෙම සංචාරයට එක්ව සිටිනවා. අද ඔවුන් එරට ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ශිවශංකර් මෙනන් හමුවීමට නියමිත අතර, හෙට දිනයේදී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී කණ්ඩායම ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සහ එරට විදේශ කටයුතු අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් හමුවීමට නියමිත බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මේ අතර 13 වන ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩුව පසුගියදා ඉදිරිපත් කළ සංශෝධනය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ජාතික හෙළ උරුමය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී දෙමළ ජාතික සන්ධානය ඉන්දියාවේ මේ දිනවල සිදු කරන සංචාරය පිළිබඳව ද අදහස් පළ වුණා. එහිදී අදහස් දැක්වූ එහි සභාපති, අමාත්‍ය පාඨලී චම්පික රණවකයි.
 
[MP3]s61157[/MP3]             



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories