නවගත්තේගම - නවෝද්‍යා මහා විද්‍යාලයේ ගුරුවරියක් දණ ගැස්සවීමේ චෝදනාවට ලක්ව සිටින වයඹ පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මේ මස 27 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, සැකකාර මන්ත්‍රීවරයා පුත්තලම දිසා විනිසුරු රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මොහු අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී ලංකා ගුරු සංගමය අධිකරණය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයකද නිරතවුණා. අධිකරණය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබූ අතර විරෝධතාවය අතරතුර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්.
[MP3]s61158_1[/MP3]
තම දියණියට විනය පියවර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ ගුරුවරිය පාසල් භූමිය තුළ සැකකාර මන්ත්‍රිවරයා විසින් දණගස්සවා තිබුණේ පසුගිය 14 වැනිදායි. ගුරුවරිය සේවය කරන විද්‍යාලයේ සිසුන්ද සිද්ධියට විරෝධය පළ කරමින් අද පාසල ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබූ අතර ඊට අවට පාසල් කිහිපයක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද එක්ව සිටියා. එහිදී ඇතිවූ නොසන්සුන්තාවයක් මත පාසල අද පෙරවරු 10 ට පමණ වසා දැමීමට අධ්‍යාපන බලධාරීන්ට සිදුවුණා. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා අප සම්බන්ධ කරගත්තා ගල්ගමුව ප්‍රදේශයේ හිරු වාර්තාකරු ජයතිලක බණ්ඩාර.
[MP3]s61158_2 [/MP3]
සමස්ත ලංකා කාර්යයේ නියුතු ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන්ගේ සංගමයද පුත්තලම කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරතවුණේ මෙම සිද්ධියට විරෝධය පළ කිරීම සඳහායි. එහිදී අදහස් දැක්වූ එම සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු.
[MP3]s61158_3[/MP3]
[JPG]61158_1[/JPG]
[JPG]61158_2[/JPG]
[JPG]61158_3[/JPG]
[JPG]61158_4[/JPG]
ඡායාරුප ජූඩ් සමන්ත
Latest News
නැවත දැනුම් දෙනතුරු ප්‍රදේශ කිහිපයක මුහුදු තීරුවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
රජයේ ඉඩමක අනවසරයෙන් කජු කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි
විශ්‍රාමික හමුදා සෙබළකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙක් ගිනිඅවි සමඟ අත්අඩංගුවට
ශ්‍රී ලංකා සංචාරය සඳහා වන බටහිර ඉන්දීය කොදෙව් විස්සයි20 සංචිතය ප්‍රකාශයට පත් කෙරෙයි: ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඇතුළත්
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි ලබන 19 වැනිදා තෙක් කල්තැබෙයි
ඉන්දු - ඉන්දුනීසියානු 8 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම සාර්ථකව නිමවෙයි: ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට එකඟතාව
තලවතුගොඩ අවන්හලක ඇතිවූ ගින්නෙන් මුදා ගෙන රෝහල්ගත කළ තිදෙනා ජීවිතක්ෂයට
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී අමෙරිකානු හෙලිකොප්ටරයක් කඩා වැටෙයි - නියමුවන් දෙදෙනා බේරෙයි