අල වර්ගයක් කෑ චීන ජාතිකයෙක් මරුට. තවත් අයෙක් අයෙක් රෝහලේ.

Monday, 17 June 2013 - 13:06

%E0%B6%85%E0%B6%BD+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%91+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A.



 

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ සේවය කරමින් සිටි චීන ජාතිකයෙකු හදිසියේ මියගොස් තිබෙනවා. නාවුල - කෝන්ගහවෙල රෝහල සඳහන් කළේ කිසියම් කැලෑ අල වර්ගයක් ආහාරයට ගැනීම හේතුවෙන් මෙම චීන ජාතිකයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. චීන ජාතිකයාගේ මෘත ශරීරය මේ වනවිට කෝන්ගහවෙල රෝහලේ තැන්පත් කර ඇති බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

 
ජීවිතක්ෂයට පත්වූ චීන ජාතිකයා සහ තවත් චීන ජාතිකයෙකු ඊයේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ආසන්නයේ ඇති වන රක්ෂිතයකට ගොස් තිබෙනවා. ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා එම රක්ෂිතයේදී අදාළ අල වර්ගය ආහාරයට ගෙන ඇති බවයි වාර්තාවන්නේ. මියගිය පුද්ගලයා සමග ගිය අනෙක් චීන ජාතිකයාද මේ වනවිට දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔහුගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවයි රෝහල් ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories