මෛත්‍රී, ශිරාල් ඇතුලූ 10 ක් එ.ජා.ප. යෙන් නෙරපයි.

Tuesday, 18 June 2013 - 8:05

%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%2C+%E0%B7%81%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+10+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.+%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%99%E0%B6%BB%E0%B6%B4%E0%B6%BA%E0%B7%92.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පළාත් සභා මන්ත්‍රීවරු දෙදෙනෙකු ඇතුළු 10 දෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරීමට එක්සත් ජාතික පක්ෂය ඊයේ තීරණය කළා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අවස්ථාවේදියි මෙම තීරණය ගෙන ඇත්තේ. ඒ අනුව දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්තිලක ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු සහ පක්ෂ ක්‍රියාකාරීන් සිව්දෙනෙකු ඊට ඇතුළත්. මීට අමතරව සිරිකොත මන්දිරයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකුට සමාව ලබාදීමටද පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ තීරණය කළා. ඒ, ඔවුන් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විනය කමිටුව හමුවේ සමාව අයැද සිටීම හේතුවෙන්.

කෙසේ වුවත් ඊයේ දිනයේ පක්ෂයෙන් නෙරපූ පළාත් සභා මන්ත්‍රීවරු දෙදෙනා ඇතුලූ පුද්ගලයින් 10 දෙනාට සමාව ලබාදෙන ලෙස සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා කළ ඉල්ලීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ප්‍රතික්ෂේප වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයාගේ එම ඉල්ලීමත් සමගම කෘත්‍යාධිකාරී මණ්ඩලය උණුසුම් වූ බවටයි වාර්තාවන්නේ. එහිදී මහ ලේකම් තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා යන අය සමග සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා උණුසුම් වචන හුවමාරුවකද නිරතවූ බව සඳහන්.

මීට අමතරව පක්ෂයේ නව දිස්ත්‍රික් සංවිධායකවරුන් කිහිප දෙනෙකු ද ඊයේ දිනයේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කරනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඊයේ දිනයේදී ගත් අනෙකුත් තීරණ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක.

[MP3]s61196[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories