ඉන්දියාව යළි ශ්‍රී ලංකාවට ඇඟිලි ගැසීමේ සූදානමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිං මෙරට ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය නුදුරේදීම ප්‍රකාශයට පත්කරන බව ඊයේ ප්‍රකාශ කර තිබුණා. ඒ, තමිල්නාඩුවේ සිය සහයක පක්ෂය වන ඞී.එම්.කේ. පක්ෂ නායක මුත්තුවේල් කරුණානිධි වෙත ලිපියක් යොමු කරමින්.
ඒ පිළිබඳ හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදියි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ.
[MP3]s61222_1[/MP3]
එක්සත් ජාතික පක්ෂය පවසන්නේ ඉන්දියාවේ උපදෙස් පරිදි රජය ක්‍රියානොකළ යුතු බවයි. ඒ පිළිබඳ පැහැදිළි කරන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අජිත් පී. පෙරේරා.
[MP3]s61222_2[/MP3]
කෙසේ වෙතත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලයක් ඇති නොකරගත යුතු බව රජය පවසනවා. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ රජය රටට ගැළපෙන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බවයි.
[MP3]s61222_3[/MP3]
Follow US
Most Viewed Stories