ගුරුවරිය දණ ගැස්වූ සන්ධාන මන්ත්‍රී ඉල්ලා අස්වේ.

Tuesday, 18 June 2013 - 19:06

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A.

ගුරුවරියක දණ ගැස්වූ බවට චෝදනා එල්ල වූ වයඹ පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ආනන්ද සරත් කුමාර, මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස ආර්. බලල්ල වෙත යවා තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් නායක, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු ඒ බව තහවුරු කළා. අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ ලිපිය අද (18) දහවල් වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වෙත යවා ඇති බවයි.

මේ අතර, වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ද දැනුම් දීමක් සිදුකර තිබෙනවා. මීට අමතරව අදාළ ගුරුවරියගෙන් සමාව ගන්නා ලෙස ද පක්ෂයෙන් දැනුම් දී ඇති බවයි පුත්තලම දිස්ත්‍රික් නායක ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.    

ගුරුවරුන්ට දඩුවම් කිරීමේ අයිතියක් කිසිවෙකුට නොමැති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ද අද (18) යළි අවධාරණය කළා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (18) පැවැති උත්සවයකට එක්වෙමින්.

[MP3]s61253_1[/MP3]                                                                                              

මේ අතර, මෙම සිද්ධිය හේතුවෙන් වයඹ පළාත් සභාවේ මාසික රැස්වීම ද අද (18) උණුසුම්කාරී තත්ත්වයක් ගත්තා. ඒ, වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර පාසල් ගුරුවරියක දණ ගැස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ප්‍රශ්න කිරීමත් සමගයි. දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මන්ත්‍රීවරයාගේ ක්‍රියා කලාපය නිසා සියලූම මන්ත්‍රීවරුන්ගේ ගෞරවයට ද හානි සිදුවී ඇති බවයි ඔහු එහිදී ප්‍රකාශ කළේ. වයඹ පළාත් සභා විපක්ෂ නායක ශමල් සෙනරත්ගේ අදහස් දැක්වීමත් සමග සභාවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර පළාත් සභාවේ වැඩ කටයුතු විනාඩි 45කට පමණ සීමා වුණා. ඉන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක ශමල් සෙනරත්.

[MP3]s61253_2[/MP3]                                                                 

කෙසේ වෙතත්, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ සඳහන් කළේ ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කතා නොකළ යුතු බවයි.

මෙම සංවාදය අතරතුර පළාත් සභාවේ විදුලිය විසන්ධිවීමක්ද සිදුවුණා. එයත් සමගම වයඹ පළාත් සභාව ජුලි මස 02 වැනිදා දක්වා කල් තැබීමට වයඹ පළාත් සභාවේ සභාපතිවරයා පියවර ගෙන තිබෙනවා.

මේ අතර, මධ්‍යම පළාත් සභාවේ අද (18) පැවැති මාසික රැස්වීම අතරතුර ද වයඹ පළාත් සභා මන්ත්‍රීවරයා විසින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා. එහිදී පළාත් සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කළ අතර ඔවුන් කියා සිටියේ අදාළ පාසල් ගුරුවරියගෙන් වයඹ පළාත් සභා මන්ත්‍රීවරයා සමාව ගත යුතු බවයි.

නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුතුමියක දණ ගැස්වු සිද්ධියට විරෝධය පළ කරමින් අද (18) පාසල් ගණනාවකද විරෝධතා පැවැත්වුණා. නාරම්මල - මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය සහ මයුරපාද කණිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරුන් අද (18) දහවල් කෑම විවේකයේ දී සාමකාමී විරෝධතාවක නිරත වූ අතර, ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිටද විරෝධතාවයක් සංවිධාන කර තිබුණේ ලංකා ගුරු සංගමය විසින්.

[MP3]s61253_3[/MP3]                                                                                   

ආණමඩුව - කොට්ටුකච්චිය නවෝද්‍යා මහා විද්‍යාලය ඉදිරිපිට තවත් විරෝධතාවයක් පැවැත්වුණේ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන්. පුත්තලම - පන්නල ජාතික පාසල ඉදිරිපිටත් අද (18) දහවල් විරෝධතාවයක් සංවිධාන කර තිබුණේ ගුරුවරිය දණ ගැස්වීමේ සිද්ධියට එරෙහිවයි. මේ එහිදී අදහස් දැක්වු එම පාසලේ ගුරුවරුන් කිහිප දෙනෙක්.

[MP3]s61253_4[/MP3]                                                                             

පිළියන්දල අධ්‍යාපන කොට්ඨාසයේ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් මෙම සිද්ධියට විරෝධය පළ කරමින් පිළියන්දල නගර මධ්‍යයේදී අද (18) විරෝධතාවයක් පවත්වනු ලැබුවා.

මේ අතර, අයිතීන් උදෙසා කාන්තා ව්‍යාපාරය ද මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට කොළඹ දී අද (18) මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. එහිදී අදහස් දැක්වූ එම ව්‍යාපාරයේ උපසභාපතිනී, සමන්මලී ගුණසිංහ.

[MP3]s61253_5[/MP3]                                                                         

එක්සත් ජාතික පක්ෂය කොළඹ දී අද (18) පැවැත්වූ මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ද සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

[MP3]s61253_6[/MP3]                                                                       

නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරිය දණ ගැස්වූ සිද්ධිය සම්බන්ධයෙන් අද (18) පාර්ලිමේන්තුවේ දී ද කරුණු සාකච්ඡා වුණා. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ආණ්ඩුවෙන් විමසා සිටියේ අදාළ ගුරුවරිය දණ ගැස්වූ පළාත් සභා මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ගෙන ඇති නීතිමය පියවර කුමක් ද යන්නයි. රීති ප්‍රශ්නයක් මතු කරමින් ඊට පිළිතුරු ලබාදුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ප්‍රකාශ කළේ අදාළ මන්ත්‍රීවරයා පක්ෂයෙන් ඉවත් කිරීමට අවශ්‍ය කරන පියවර මේ වන විටත් ගෙන ඇති බවයි.
 
පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් ගුරුවරියක දණ ගැස්වීම පිළිබදව රට තුළ දැඩි විරෝධයක් මතුව තිබෙන මොහොතක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ පුතෙකු තම පාසලේ විදුහල්පතිවරයාට පහර දීමේ පුවතකුත් අද (18) අනුරාධපුරයෙන් වාර්තා වුණා.

මෙලෙස අනුරාධපුර නිවන්තක චේතිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට පහර දී තිබුණේ  මිහින්තලය ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී අනිල් පුෂ්පානන්දගේ පුත්‍රයායි. පාසලේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම ශිෂ්‍යයාට උසස් පෙළ විභාගය සදහා අධ්‍යයන නිවාඩු ලබාදී තිබෙනවා. එවැනි මොහොතක පාසල තුළ රැදී සිටීම සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිවරයා සිසුවාගෙන් ප්‍රශ්න කර ඇති අතර, එහිදී ඇති වූ බහින්බස්වීමකදී විදුහල්පතිවරයාට සිසුවා පහර දී ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණේ. කෙසේ වෙතත්, සිද්ධිය සැළවීමෙන් පසුව පාසලට පැමිණි මිහින්තලය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අනිල් පුෂ්පානන්ද විදුහල්පතිවරයාගෙන් සහ ගුරුවරුන්ගෙන් සමාව ගත්තා. අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ මිහින්තලය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අනිල් පුෂ්පානන්ද.

[MP3]s61253_7[/MP3]                                                                                    

කෙසේ වෙතත්, ලංකා ගුරු සංගමය පවසන්නේ මෙවැනි සිදුවීම් නතර කිරීමට දැන්වත් බලධාරීන් පියවර ගත යුතු බවයි. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන එම සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු.
 
[MP3]s61253_8[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories