කින්නියාවේ ගමක් උණුසුම් වෙයි.

Wednesday, 19 June 2013 - 7:38

%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

කින්නියා - කුට්ටිකරච්චි ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය හා ප්‍රදේශවාසීන් පිරිසක් අතර ඊයේ (18) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. කුට්ටිකරච්චි - චුන්නක්කාඩු වනයේ බලපත්‍ර රහිතව දැව කපා ප්‍රවාහනය කරමින් තිබූ කරත්ත 4ක් අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකායේ භට කණ්ඩායමක් සහ වනජීවි නිලධාරී කණ්ඩායමක් පැමිණි අවස්ථාවේයි මෙම උණුසුම්කාරී තත්ත්වය ඇති වී ඇත්තේ. මෙම කරත්ත 4 සහ ඒ  සමග පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන රැගෙන යන අවස්ථාවේ අතරමග රැදී සිටි ප්‍රදේශවාසීන් ආරක්ෂක නිලධාරීන් වෙත ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එහිදී තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා අමතර යුධ හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ද කැදවා කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර ඇති අතර, අහසට වෙඩි තැබීමක් ද සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. කෙසේ වුවත් මේ වන විට අදාළ නීතිවිරෝධී දැව කරත්ත 4 සහ සැකකරුවන් 4 දෙනා පොලිස් අත්අඩංගුවේ පසුවනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories