General19 June 2013

වාස් ගුණවර්ධනගේ වැඩත් තහනම්.

නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන ප්‍රකාශ කළා. කොළඹ උතුර ප්‍රදේශය භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඔහු බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔහු පසුගිය 10 වැනිදා අත්අඩංගුවට ගැනුනේ බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහොමඞ් සියාම් නැමැත්තා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මතයි. මේ වන විටත්, කොළඹ උතුර ප්‍රදේශයභාරව නව වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කර තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes