General19 June 2013

සිංහල රාවය පාගමනේ ගිය අයෙකු පැහැර ගත් බවට චෝදනා.

සිංහල රාවය සංවිධානය විසින් කතරගම සිට කොළඹට ආරම්භ කර ඇති අධිෂ්ඨානයේ පාගමන අතරතුර, එම පාගමනට එක්ව සිටි ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංගමයේ සභාපතිවරයා පැහැරගැනීමකට ලක්ව ඇති බව සිංහල රාවය සංවිධානය චෝදනා කරනවා. මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ අවිහිංසාවාදී සංවිධානයේ සභාපති අරුණ සිල්වායි. පසුව, ඔහුගේ ගන්දර පිහිටි නිවසට පැමිණි පිරිසක් අද (19) අලූයම අවිහිංසාවාදී සංගමයේ සභාපතිවරයා පැහැර ගැනීමට ලක්ව ඇති බවටයි සිංහල රාවය සංවිධානයේ ජාතික සංවිධායක පූලියැද්දේ සුදම්ම හිමියන් කියා සිටියේ.  කෙසේ වුවත්, පසුව අරුණ සිල්වා තංගල්ල පොලිස් අත්අඩංගුවේ සිටියදී හමුවූ බව ද සුදම්ම හිමියන් සඳහන් කළා.

 

[MP3]s61304[/MP3]

 
සිංහල රාවය සංවිධානය එල්ල කරන මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය තංගල්ල පොලිස් අධිකාරි සිසිර කුමාරගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ ඊයේ මෙම පාගමන පැමිණෙන අතරතුර තංගල්ල ප්‍රදේශයේදී කුපිත වූ පිරිසක් නීති විරෝධී ලෙස ගව ඝාතකාගාරයට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ සංවිධානයේ සභාපතිවරයා අත්අඩංගුවට ගත් බවයි.

Related recommendation
Hiru TV News | Programmes