13 බලය අඩු කිරීමේ තීරණයෙන් කැළඹුනා. ඉන්දීය අගමැති

Wednesday, 19 June 2013 - 19:08

13+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%B9%E0%B7%94%E0%B6%B1%E0%B7%8F.+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92

උතුරු පළාත් සභා මැතිවරණයට පෙර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ බලතල අඩු කිරීමට ශ්‍රී ලංකාව සැළසුම් කිරීම තමන්ව කැළඹීමට පත් කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ප්‍රකාශ කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් නවදිල්ලියේදී ඊයේ හමුවූ අවස්ථාවේදියි. අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං අවධාරණය කළ කරුණු ඇතුලත් කරමින් එරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කළා. එහි දැක්වෙන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයට, සංශෝධන ගෙනඑමෙන් ශ්‍රී ලංකාව බලය බෙදීම පිළිබඳව ජාත්‍යන්තරය දුන් පොරොන්දු පිළිබඳව සැක මතුවන බවයි.  

කෙසේ වෙතත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තමන්ට ලබාදුන් පොරොන්දු දෙමළ ජාතික සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් එරට මාධ්‍ය වෙත හෙළිදරව් කර තිබුණේ මෙලෙසින්.

[MP3]s61333_1[/MP3]                         

දෙමළ ජාතික සන්ධානයේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් සහ ඉන්දීය ආග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අද කොළඹ පැවති  මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළවුණා.

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් සහ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඒ පිළිබඳ පළකළ අදහසුයි මේ.
 
[MP3]s61333_2[/MP3] 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories