Sports20 June 2013

ශූරයන්ගේ කුසලානයේ අවසන් තරඟයට එංගලන්තය.

අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ පැවැත්වුණා. එම තරඟයෙන් එංගලන්ත කණ්ඩායම කඩුලූ 7 කින් ජයග්‍රහණය කළා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු වාර 38 යි පන්දු 4 කදී සියලූදෙනා දැවී ලකුණු 175 ක් ලබාගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දු වාර 37 යි පන්දු 3 කදී කඩුලූ 3 ක් පමණක් දැවී ලකුණු 179 ක් රැස්කරගැනීමට සමත්වුණා. අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන තරඟයේ දෙවන අවසන් පූර්ව තරඟය අද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි.

 

[MP3]s61349[/MP3]

Related recommendation
Hiru TV News | Programmes