ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් ඕස්ට්‍රේලියානු අගමැතිනි ජූලියා ගිලාඞ් මුණගැසී සාකච්ඡා කර තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ කටයුතු සාර්ථක කරගැනීම සඳහා උපරිම සහය ලබාදෙන බව ඕස්ට්‍රේලියානු අගමැතිනිය ප්‍රකාශ කර ඇති බව සඳහන්. මීට වසර දෙකකට පෙර පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවක් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වුණා. එහි අත්දැකීම්ද ශ්‍රී ලංකාවේ මෙවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සාර්ථක කරගැනීම සඳහා ලබාදීමට සූදානම් බවයි ඕස්ට්‍රේලියානු අගමැතිනිය සඳහන් කර ඇත්තේ. මෙම කටයුතු සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය දැක්වීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දෙදෙනෙකු පත් කිරීමටද ඕස්ට්‍රේලියානු අගමැතිනි ජූලියා ගිලාඞ් විදේශ අමාත්‍යවරයා වෙත පොරොන්දු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
මෙහිදී දෙරටට වැදගත්වන ආර්ථික කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇති අතර ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධී සංක්‍රමණිකයන් පැමිණීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇති බව සඳහන්.
යුද සමයේ ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට ගොස් සිටි සරණාගතයින්ට යළි දිවයිනට පැමිණෙන ලෙස ලක් රජය ආරාධනයක් කරනවා. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් කියා සිටියේ මේ වනවිට ශ්‍රී ලංකාවේ යහපත් තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.
මිනිස් ජාවාරම්කරුවන්ට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට අමාත්‍ය ජී. එල් පීරිස් මේ දිනවල ඕස්ට්‍රේලියාවට ගොස් සිටිනවා. ඔහු එහිදී එරට විදේශ කටයුතු අමාත්‍ය බොබ්කා, ආරක්ෂක අමාත්‍ය ස්ටීවන් ස්මිත් සහ ආගමන හා විගමන අමාත්‍ය බ්‍රෙන්ඩන් ඕ කොනර් හමුවී තිබෙනවා. සිය සංචාරය පිළිබඳ එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව වර්තමානයේ සියයට සියයක් ස්ථාවර මට්ටමක පවතින බවයි.
Latest News
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නියාමකයින්ගෙන් පැය 24ක සංකේත වර්ජනයක්
අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව රීතියක්
සංවිධානාත්මක අපරාධ කල්ලියක 10ක් අත්අඩංගුවට
ලෝඩ්ස් සහ ලාහෝර් පිටිවලට ICCයෙන් 'අසතුටුදායක' සහතිකයක්: ලෝඩ්ස් වෙනුවෙන් MCCය සමාව අයදියි
ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට පැය 14ක ජල කප්පාදුවක්
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල පහත දමයි
ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්
තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම පරදා ඉන්දීය 'ඒ' කණ්ඩායමට ලකුණු 8ක තියුණු ජයක්
මහජන හදිසි අවස්ථා තත්ත්වය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව, වැඩි ඡන්ද 128 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
සලේගේ බිරිඳ සහ පුත්‍රයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකිති