නාවල විවෘත විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළදී විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ අංශාධිපතිනිය වන යශෝධරා කදිරගාමර්තම්බිට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකළ නීති උපාධි සිසුවා ලබන මස දෙවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. අත්අඩංගුවට ගත් එම සිසුවා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
අනතුරින් තුවාල ලැබූ විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ අංශාධිපතිනි යශෝධරා කදිරගාමර්තම්බි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සැත්කමක් සඳහා භාජනය කෙරුණා. ඇය තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර මේ වනවිට ඇයගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ.
ඊයේ දහවල් විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා පීඨයේ පිළිගැනීම් අංශය ඉදිරිපිටදී අංශාධිපතිනියට මෙම පිහි ඇණුම සිදුකර තිබුණේ එම විශ්වවිද්‍යාලයේ නීති උපාධිය හදාරණ ශිෂ්‍යයෙකු විසින්. ලියාපදිංචි වෛද්‍යවරයෙකු වන මෙම නීති ශිෂ්‍යයා යාපනය විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබූ ශිවඥානසුන්දරම් සුරේන්ද්‍රජිත් නැමති 40 හැවිරිදි පුද්ගලයෙක්.
කොළඹ 13 ශාන්ත බෙනඩික් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු නීති විෂයක් සඳහා ඉදිරිපත් කළ යුතු ව්‍යාපෘති වාර්තාවක් නියමිත දිනය පසුවී තිබියදී ඊයේ භාරදීමට පැමිණ තිබෙනවා. එහෙත් විශ්වවිද්‍යාල නීතිරීති අනුව අංශාධිපතිනිය එය භාරගැනීම ප්‍රතික්ෂේප කලා. ඊට පළිගැනීමක් ලෙස ඔහු මෙම පිහි ඇනුම සිදුකර ඇති බවටයි පොලීසිය සැකකරන්නේ. පිහි ඇනුම සිදු කිරීමෙන් අනතුරුව සැකකරු කිසියම් පෙති වර්ගයක් පානය කර සියදිවි හානිකරගැනීමට උත්සාහ කර තිබෙනවා. එහෙත් අවට සිටි සිසුන් සැකකරු අල්ලා පොලීසිය වෙත භාරදීමෙන් අනතුරුව සැකකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ තවමත් ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
Latest News
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නියාමකයින්ගෙන් පැය 24ක සංකේත වර්ජනයක්
අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව රීතියක්
සංවිධානාත්මක අපරාධ කල්ලියක 10ක් අත්අඩංගුවට
ලෝඩ්ස් සහ ලාහෝර් පිටිවලට ICCයෙන් 'අසතුටුදායක' සහතිකයක්: ලෝඩ්ස් වෙනුවෙන් MCCය සමාව අයදියි
ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට පැය 14ක ජල කප්පාදුවක්
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල පහත දමයි
ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්
තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම පරදා ඉන්දීය 'ඒ' කණ්ඩායමට ලකුණු 8ක තියුණු ජයක්
මහජන හදිසි අවස්ථා තත්ත්වය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව, වැඩි ඡන්ද 128 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
සලේගේ බිරිඳ සහ පුත්‍රයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකිති