නුවරඑළිය - වැලිමඩ මාර්ගයේ සීතාඑළිය - පොල්ගහවංගුව ආසන්නයේදී පාසල් ලමුන් රැගත් බස් රථයක් ඊයේ පස්වරුවේ මීටර් 50 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් හතරදෙනෙකු මියගොස් තවත් 89 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන් මේ වනවිට නුවරඑළිය මහ රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් 9 දෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන් මහනුවර මහ රෝහලට මාරුකර යැවීමට කටයුතු කළ බවයි රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර ප්‍රකාශ කළේ. බරපතල තුවාල ලැබුවන් අතර කුඩා දරුවන් ද සිටින බවද අධ්යක්ෂවරයා කියා සිටියා. පස්සර - නමුණුකුල - තැන්නෙකුඹුර දෙමළ විද්‍යාලයේ සිසුන් වන මොවුන් අධ්‍යාපන චාරිකාවක් සඳහා පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණදී තිබෙනවා. මියගිය ගොස් සිටින සිව්දෙනා අතරට බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයාද ඇතුළත්.
අනතුර පිළිබඳව සොයාබැලීම සඳහා ඊයේ (19) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පියවර ගෙන තිබුණා. නුවරඑළිය රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර වැඩිදුරටත් සඳහන් කළේ කුඩා දරුවන් තම දෙමාපියන් වෙත යොමුකිරීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගන්නා ලෙස තමන්ට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදුන් බවයි.
[MP3]s61354[/MP3]
මේ අතර කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කණ්දෙණිය - උඩුකුඹුර ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 28 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
කොළඹ සිට මාතලේ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අධික වේගයෙන් ධාවනය කිරීමේදී පිටුපස ටයරය පුපුරා ගොස් බස් රථය පාලනය කරගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. අනතුරින් තුවාල ලැබුවන් වරකාපොල සහ කෑගල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
[MP3]s61331[/MP3]
[JPG]s61331_1[/JPG]
[JPG]s61331_2[/JPG]
[JPG]s61331_3[/JPG]
ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ
Latest News
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නියාමකයින්ගෙන් පැය 24ක සංකේත වර්ජනයක්
අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව රීතියක්
සංවිධානාත්මක අපරාධ කල්ලියක 10ක් අත්අඩංගුවට
ලෝඩ්ස් සහ ලාහෝර් පිටිවලට ICCයෙන් 'අසතුටුදායක' සහතිකයක්: ලෝඩ්ස් වෙනුවෙන් MCCය සමාව අයදියි
ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට පැය 14ක ජල කප්පාදුවක්
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල පහත දමයි
ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්
තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම පරදා ඉන්දීය 'ඒ' කණ්ඩායමට ලකුණු 8ක තියුණු ජයක්
මහජන හදිසි අවස්ථා තත්ත්වය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව, වැඩි ඡන්ද 128 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
සලේගේ බිරිඳ සහ පුත්‍රයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකිති