නුවරඑළිය අනතුරෙන් 4 ක් මරුට. කඩිනම් සහන දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්.

Thursday, 20 June 2013 - 7:58

%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A.

නුවරඑළිය - වැලිමඩ මාර්ගයේ සීතාඑළිය - පොල්ගහවංගුව ආසන්නයේදී පාසල් ලමුන් රැගත් බස් රථයක් ඊයේ පස්වරුවේ මීටර් 50 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් හතරදෙනෙකු මියගොස් තවත් 89 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන් මේ වනවිට නුවරඑළිය මහ රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් 9 දෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන් මහනුවර මහ රෝහලට මාරුකර යැවීමට කටයුතු කළ බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර ප්‍රකාශ කළේ. බරපතල තුවාල ලැබුවන් අතර කුඩා දරුවන් ද සිටින බවද අධ්‍යක්ෂවරයා කියා සිටියා. පස්සර - නමුණුකුල - තැන්නෙකුඹුර දෙමළ විද්‍යාලයේ සිසුන් වන මොවුන් අධ්‍යාපන චාරිකාවක් සඳහා පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණදී තිබෙනවා. මියගිය ගොස් සිටින සිව්දෙනා අතරට බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයාද ඇතුළත්.

 

අනතුර පිළිබඳව සොයාබැලීම සඳහා ඊයේ (19) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පියවර ගෙන තිබුණා. නුවරඑළිය රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර වැඩිදුරටත් සඳහන් කළේ කුඩා දරුවන් තම දෙමාපියන් වෙත යොමුකිරීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගන්නා ලෙස තමන්ට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදුන් බවයි.

 
[MP3]s61354[/MP3]

 

මේ අතර කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කණ්දෙණිය - උඩුකුඹුර ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 28 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

 
කොළඹ සිට මාතලේ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අධික වේගයෙන් ධාවනය කිරීමේදී පිටුපස ටයරය පුපුරා ගොස් බස් රථය පාලනය කරගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. අනතුරින් තුවාල ලැබුවන් වරකාපොල සහ කෑගල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

[MP3]s61331[/MP3]     

[JPG]s61331_1[/JPG]

[JPG]s61331_2[/JPG]

[JPG]s61331_3[/JPG]  

ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories