ඇමරිකාව සහ රුසියාව අවි හරණයට සූදානම්.

Thursday, 20 June 2013 - 8:13

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

ඇමරිකාව සහ රුසියාව න්‍යෂ්ටික අවි භාවිතය අවම කිරීමට පියවර ගතයුතු බව ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසනවා. රුසියාවේ සංචාරයක නිරත ඇමරිකානු ජනාධිපතිවරයා බර්ලින් නුවර පැවති විශේෂ හමුවකට එක්වෙමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ. න්‍යෂ්ටික අවි භාවිතය සම්බන්ධයෙන් රුසියාව සහ ඇමරිකාව අතර මීට පෙර එකඟතාවයන්ට පැමිණ තිබෙනවා. එසේ වුවද ඇතැම් විට එම සීමාවන් ඉක්මවා ගිය අවස්ථාද දක්නට තිබෙන බවයි ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ. ලෝක සාමය වෙනුවෙන් න්‍යෂ්ටික අවි භාවිතය සීමා කර ලෝකයේ සෙසු රටවල ආරක්ෂාව වෙනුවෙන් ආදර්ශයක් සැපයිය යුතු බව ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මෙම හමුවේදී සඳහන් කළ බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories