ඥාණසාර හිමි ඇතුළු 13 දෙනාට එරෙහි නඩුව විභාගයට තීරණය කෙරේ.

Thursday, 20 June 2013 - 18:53

%E0%B6%A5%E0%B7%8F%E0%B6%AB%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+13+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.

කල්වාරි දේවස්ථානයකට පහරදීම ඇතුළු චෝදනා 11 ක් යටතේ බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු 13 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීමට අද (20) තීරණය කෙරුණා. ඒ, කොළඹ මහාධිකරණයේදී අදාළ චෝදනා සම්බන්ධයෙන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් ප්‍රකාශ කිරීමත් සමගයි.

තලාහේන - අරලිය පෙදෙසේ කල්වාරි දේවස්ථානයට 2008 ජුලි 07 වැනිදා පහරදී අනර්ථයක් සිදුකිරීම, රන් මාලයක්, ජංගම දුරකතනයක් කොල්ලකෑම ආදී නීතිපතිවරයා නගා තිබූ චෝදනා විත්තිකරුවන් වෙත අද කියවා දී තිබෙනවා. නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න තීරණය කිරීමත් සමග සාක්ෂි විභාගයත් අද ආරම්භ වුණා.

පළමු සාක්ෂිකරු වන සිඞ්නි රොෂාන් නැමැති දේවස්ථානයේ දේවගැතිවරයා අද සාක්ෂි ලබා දුන්නා. දේවගැතිවරයා කියා සිටියේ තමන් එදින පූජාව පවත්වමින් සිටියදී පූජ්‍ය ඥාණසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් පැමිණ පූජාව නවත්වන ලෙස තර්ජනය කළ බවයි. පසුව දේවගැතිවරයා කවුරුන්ද යන්න විමසා අසභ්‍ය වචනයෙන් බැණ වැදී උදරය ප්‍රදේශයට පහරදුන් බවද ඔහු කියා සිටියා. එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා හරස් ප්‍රශ්න විමසූ අතර, ඔහු සඳහන් කළේ මෙම පහරදුන් ප්‍රකාශය පොලිසියට දුන් කටඋත්තරයේ නොමැති බවයි. විත්තිකරුවන්ව නඩුවකට පැටලවීමට අවශ්‍ය නොවන බවත්, සිදුවු අසාධාරණයට සාධාරණයක් ඉටුකර ගැනීම තම අරමුණ බවත් මෙහිදී දේවගැතිවරයා පවසා තිබෙනවා.

අද නඩු විභාගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වු බොදුබල සේනා ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තතේ ඥාණසාර හිමියන්.

[MP3]s61397[/MP3]

නඩුව යළිත් ජුලි 11 වැනිදා කැඳවන අතර එදිනට පූජ්‍ය ගලගොඩඅත්තතේ ඥාණසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් 13 දෙනා අධිකරණයේ පෙනී සිටිය යුතුයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories