ජාත්‍යන්තර පාසල්වලත් මව්බස, ආගම හා ඉතිහාසය අනිවාර්යයි.

Thursday, 20 June 2013 - 18:59

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B6%E0%B7%83%2C+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8+%E0%B7%84%E0%B7%8F+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල්වල ඉගෙනුම ලබන දේශීය දරුවන්ට මව්බස, ආගම හා ඉතිහාසය යන විෂයන් ඉගැන්වීම අනිවාර්ය කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ අනුව අදාළ ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයට නියාමනය හා අධීක්ෂණය කිරීමට හැකිවන පරිදි උපකෘත පාඨශාලා හා අභ්‍යාස විද්‍යාල පනතේ 25 වන වගන්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. මින් ඉදිරියට අදාළ විෂයයන් ඉගැන්වීම සිදුකරන ආකාරය අධීක්ෂණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ව්‍යවස්ථාපිත බලතල සහිත පෞද්ගලික පාසල් අංශයක් ස්ථාපිත කිරීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එමෙන්ම, රජයේ රෝහල්වලට අත්‍යවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබාදීම සඳහා  බංග්ලාදේශ රජයෙන් ඍජුවම ඖෂධ ආනයනය කිරීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළා. තවද, ජාතික හා දිස්ත්‍රික් සීමා නිර්ණය කිරීමේ කමිටුවේ කාල සීමාවද දීර්ඝ කර තිබෙනවා. මෙම සීමා නිර්ණය කිරීමේ කමිටුව පත්කරනු ලැබුවේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත යටතේයී.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories