උතුරේ මැතිවරණයට පක්ෂ සූදානම්.

Thursday, 20 June 2013 - 19:40

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

උතුර පළාත් සභා මැතිවරණය වසර 25 කට පසු පැවැත්වීමට රජය තීරණය කිරීමත් සමග දේශපාලන පක්ෂ තුළද ඒ සම්බන්ධයෙන් උනන්දුවක් මතුව තිබෙනවා. මේ දිනවල දේශපාලන පක්ෂ උතුරේ පළාත් සභා ඡන්ද විමසීමට වැඩි අවදානයක් යොමු කරමින් සිටින අතර, ඒ සම්බන්ධයෙන් අප මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයකින් විමසීම් කළා.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා කියා සිටියේ උතුරු පළාත තුළ තම පක්ෂයට පවතින ශක්තිය පිළිබඳව ඇගයීමක් පවතින බවයි.

[MP3]s61401_1[/MP3]                   

තම පක්ෂය තනි පක්ෂයක් ලෙස උතුරු පළාත් සභාවට ඉදිරිපත් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියා.

[MP3]s61401_2[/MP3]                           

මේ අතර, අද කිලිනොච්චියේ සංචාරයක නිරත වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ උතුරු පළාතේ අපේක්ෂකයන් තේරීමේ සම්මුඛ පරීක්ෂණ ලබන 22 වැනිදා අරඹන බවයි.

[MP3]s61401_3[/MP3]               

කෙසේ වෙතත්, දෙමළ ජාතික සන්ධානය කියා සිටියේ උතුරු පළාත් සභා මැතිවරණයට තම පක්ෂයද ඉදිරිපත් වන බවයි. ඒ සම්බන්ධයෙන් වන වැඩපිළිවෙල පිළිබඳව ඉදිරියේදී එළි දක්වන බව එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories